සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (22) දිනයේ ගැනීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව අද දිනයේ රැස්වී අදාළ තීරණය ගැනීමට නියමිත බව එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කළේය.
සමගි ජන බලවේගය පක්ෂය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5ක් හිමිවු අතර මේ වනවිටත් ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා දිවුරුම්දී තිබේ.
ඒ අනුව ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4 සඳහා වන නම් අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන බවයි පැවසෙන්නේ.
ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා ප්‍රබලයින් රැසක් අතර තරගයක් ඇතිව පැවතීම හේතුවෙන් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම ගැටලුකාරී තත්ත්වයකට පත්ව අති බවයි වාර්තා වන්නේ.
