ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මුහම්මදු සාලි නලීම් නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
පසුගිය මහමැතිවරණට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 87,038ක් ලබා ගනිමින් ආසන 2ක් හිමි කරගත් අතර ඔවුනට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි විය.
ඒ අනුව එම මන්ත්‍රී ධුරය සඳහා එම්.එස්.නලීම් මහතාව නම් කිරීමට එම පක්ෂය තීරණය කර තිබුණි.
ඔහු මින් පෙර එරාවුර් නගර සභාවේ හිටපු සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.
