ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරු 3.30ට සෞදි අරාබියේ ජෙඩා නුවරදී ආරම්භ විය.
2025 වසර සඳහා වන IPL තරගාවලිය මාර්තු මස 14 වැනිදා සිට මැයි 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙවර වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 1574ක් ලියාපදිංචිව සිටිනවා.
කෙසේවෙතත්, ඒ සදහා තෝරාගෙන ඇත්තේ ක්‍රීඩකයින් 574ක් පමණයි.
ඉන් ක්‍රීඩකයින් 366 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වන අතර ඉතිරි 208 දෙනා විදෙස් ක්‍රීඩකයින්.
ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 29 දෙනෙකු 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ලියාපදිංචිව සිටියත් ඉන් වෙන්දේසියට ඇතුළත් කිරීමට තෝරා ගෙන ඇත්තේ ක්‍රීඩකයන් 19 දෙනෙකු පමණයි.

