කාර්මික පාරිභෝගිකයන්ට සාපේක්ෂව ප්‍රමුඛතා පදනම මත නිවාස වෙත මාසික ගෑස් සැපයුමක් සහතික කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලාෆ් ගෑස් සමාගම වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
පසුගිය දින කිහිපය තුළදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ලාෆ් ගෑස් හිඟයක් මතුව පවතින බවට ජනතාවගෙන් එල්ල වූ චෝදනා පදනම් කරගනිමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙනවා.
පසුගිය 19 වනදා ලාෆ් ගෑස් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ ඇති අතර, තවත් ගෑස් නෞකාවක් අද දිනයේදී දිවයිනට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.
