Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වනිඳුට හා තීක්ෂණට IPL වෙන්දේසියේදී ඉහළ වටිනාකමක්

2 years ago

2025 අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණව මිල දී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කටයුතු කළා.

මෙවර වෙන්දේසියේ දී රාජස්ථාන් කණ්ඩායම විසින් ඔහුට තැබූ ලංසු මුදල ඉන්දීය රුපියල් කෝටි 4.40ක්.

මහීෂ් තීක්ෂණ මීට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ අතර ඔහු වෙනුවෙන් ලංසු තැබීමට චෙන්නායි පිළ ඉදිරිපත් නොවීම ද විශේෂත්වයක්.

මේ අතර දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගවද ඉන්දීය රුපියක් කෝටි 5.25ක මුදලකට මිල දී ගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කටයුතු කළා.

වනිඳු වෙනුවෙන් මුම්බායි ඉන්දියන් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කරට කර ලංසු තබන ආකාරය දැකගත හැකි වුණා.