ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්රයේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබේ.
එමගින් විදුලිය සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාලයන්හි විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ඒකාබද්ධ කිරීමට පහසුකම් සැලසීමට අපේක්ෂිතය.
මෙරට විදුලිබල ඉල්ලුම 2023 වසරේදී උපරිමය වාර්තාකළ අතර එය මෙගාවොට් 2800කි.
එම විදුලි ඉල්ලුම සැපයීම සඳහා 50%ක පමණ දායකත්වයක් ලබාදී තිබුණේ තාප බලාගාර මගිනි.
මේ අතර 2030 වනවිට මෙරට විදුලිබල ඉල්ලුම සැලකිය යුතු ලෙස වර්ධනය වෙතැයි අනුමාන කෙරේ.
නව ව්‍යාපෘති ඔස්සේ විදුලිබල උත්පාදනයට පුනර්ජනනීය මූලාශ්‍ර ඔස්සේ ලැබෙන දායකත්වය වර්ධනය කිරීමට සැලසුම් කෙරේ.
