Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

IPL වෙන්දේසියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙක් මිලට ගනී! ඉහළම වටිනාකම මතීෂට! නවක ක්‍රීඩක එෂාන් මාලිංගටත් ඉහළ ලංසුවක්!

2 years ago

2025 ඉන්දිය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක ‌වෙන්දේසියට අදළා ක්‍රීඩක වෙන්දේසිය අවසන් වුණා.

වෙන්දේසිය සඳහා තෝරාගනු ලැබූ ක්‍රීඩකයින් අතරින් අදාළ වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 09 දෙනෙකු ඉදිරිපත් කෙරුණා.

ඒ අතරින් ක්‍රීඩකයින් හය දෙනෙකු විවිධ කණ්ඩායම් විසින් මිලදී ගැනීමටයි කටයුතු කළේ.

ඒ අනුව වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර, කමිඳු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර සහ ඒෂාන් මාලිංගට මෙවර IPL වරම් හිමි වුණා.

ඩිල්ෂාන් මධුෂංඛ, පැතුම් නිස්සංක සහ විජයකාන්ත් වියස්කාන්ත් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

මේ අතර මතීෂ පතිරණව ඉන්දියානු රුපියල් කෝටි 13කට රඳවා ගැනීමටයි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කටයුතු කළේ.