Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද සිට ක්‍රියාත්මකවන පරිදි පොලී අනුපාත ක්‍රමය වෙනස්කිරීමට මහ බැංකුව තීරණය කරයි! තනි ප්‍රතිපත්ති පොලී අනුපාතිකයක් හඳුන්වා දෙයි!

2 years ago

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රතිපත්ති අනුපාතිකය 8%ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (26) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත.

අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාත ක්‍රමය වෙනුවට, තනි ප්‍රතිපත්ති පොලී අනුපාත යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ, 2024 ජනවාරි මාසයේ ඉදිරිපත් කළ මහ බැංකුවේ වාරික ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මෙන්ම, ඉන් අනතුරුව 2024 සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කෙරුණු තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අදාළ සැලසුමට අනුකූලව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද (27) සිට බල පැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රම වේදය වෙනුවට තනි ප්‍රතිපත්ති පොලි අනුපාතික ක්‍රම වේදයක් ක්‍රියාවට නැංවීමට තීරණය කළ බවයි.

මෙය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන නම්‍යශීලී උද්ධමන ඉලක්ක කරණ රාමුව තුළ සිදු කළ තවත් වැදගත් වැඩිදියුණු කිරීමක් බවද එම නිවේදනයේ සඳහන්.