Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දකුණු අප්‍රිකාවට ගිය සිංහ පුතුන් වාර්තා අලුත් කරමින් ඉතිහාසයේ රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යයි

2 years ago

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 191 ක් ලබා ගත්තා.

අනතුරුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය.

ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 42කට දැවීයාමෙනි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ  මාර්කෝ යැන්සන් ලකුණු 13කට කඩුලු 7ක් දවාගත්තේය.

මීට පෙර ශ්‍රී ලංකාව දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ 1994 වසරේදී පාකිස්තානය හමුවේ ලකුණු 71කට දැවීයාමයි.