සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි.
ඊයේ තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 132ක් ලබා ගනිමින් ප්‍රබල තත්ත්වයක පසුවුණා.
ඒ අනුව තවත් කඩුලු 07ක් අතැතිව දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 281ක් ඉදිරියෙන් සිටියා.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමේදී ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී ගිය අතර ඔවුන් සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 42ක් පමණයි.
ඊයේ දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ටි්රස්ටන් ස්ටබ්ස් ලකුණු 17ක් සහ නායක ටෙම්බා බවුමා ලකුණු 24ක් රැස් කරගෙන සිටියා.
පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 48කට කඩුලු 02ක් දවා ගත්තා.
ප්‍රභාත් ජයසූරිය මෙම තරඟයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ටෙස්ට් කඩුලු 100 වාර්තා කළ පන්දු යවන්නා ලෙසට ඉතිහාසයට එක් විය.
ඔහු සිය ටෙස්ට් කඩුලු 100 දවා ගත්තේ තම් 17 වැනි ටෙස්ට් තරගයේදීයි.
අවම ටෙස්ට් තරග ප්‍රමාණයකින් කඩුලු 100 ක් දවා ගත් පන්දු යවන්නා ලෙස ලෝක වාතථාවට හිමිකම් කියන්නේ එංගලන්තයේ George Alfred Lohmann. ඔහු තරග 16කදී එම කඩඉමට ළගා වුණේ 1886 වසරේදීයි.
ප්‍රභාත්ට අමතරව ඔස්ට්‍රේලියාවේ Charlie Turner, එංගලන්තයේ Sydney Barnes, ඔස්ට්‍රේලියාවේ Clarrie Grimmett හා පාකිස්තානයේ යසීර් ශාහ් ද තරග 17 කින් ටෙස්ට් කඩුලු 100 ක් දවා ගෙන තිබෙනවා.
