Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංකාවට එන අලුත්ම වාහනවල අලුත්ම මිල ගණන් ප්‍රකාශයට පත් කරයි! ටොයොටා සමාගම නිකුත් අලුත්ම මිල ගණන් මෙන්න!

2 years ago

ශ්‍රී ලංකාවට පුද්ගලික වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් බොහෝ දුරට එළඹෙන 2025 පෙබරවාරි මාසයේ සිට ලිහිල් වනු ඇති බවට වාර්තා වේ.

පසුගිය රජය විසින් පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය නැවත ඇරඹීම සඳහා කැබිනට් තීරණයක්ද ගෙන තිබේ.

මේ අතර පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වාහන ආනයනකරුවන් පවසා සිටියේ එළඹෙන පෙබරවාරි මාසයේ සිට අනිවාර්යයෙන්ම වාහන ආනයනය ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි.

මෙරට බලයලත් මෝටර් වාහන වෙළෙඳ සමාගම් ද ආනයන ලිහිල් කළ වහාම මෝටර් රථ ආනයනය සඳහා ඇණවුම් භාර ගැනීම මේ වනවිටත් ආරම්භ කර ඇත.

එහිදී අදාළ සමාගම් විසින් ආනයනය කිරීමට නියමිත මෝටර් වාහනවල නවතම මිල ගණන් ද නිවේදනය කර තිබේ.

එලෙස පෙර ඇණවුම් භාර ගන්නා වාහනවලට අදාළව Toyota Lanka සමාගම නිවේදනය කළ මිල ගණන් පහතින් දැක්වේ.

ඒ අනුව, 18% VAT නොමැතිව එහි මිල ගණන් පහතින්.

Wigo – 6.7 Mn
prius – 23 Mn
corolla – 22 Mn
camry – 35 Mn
land cruiser 300 – 94 Mn
land cruiser 250 – 61. 5 Mn
land cruiser 79- 21.3 Mn
ativ – 15.5 Mn
raize – 9.5 Mn
Rav4 – 30.5 Mn
Yaris cross – 17.5 Mn
corolla cross – 28.2 Mn
Rush – 15.3 Mn
Fortuner – 49 Mn
coaster – 16.9 Mn
Hiace – 14.9 Mn
Hiace – 15.3 Mn
Alphard – 57 Mn
Hilux – 15.8 Mn

18% VAT ඇතුළත් කළ පසු මිල ගණන් පහතින්.

Wigo – 79+ lakhs
prius – 271+ lakhs
corolla – 270+ lakhs
camry – 413+ lakhs
land cruiser 300 – 1109+ lakhs
land cruiser 250 – 726+ lakhs
land cruiser 79- 251+ lakhs
ativ – 183+ lakhs
raize – 112+ lakhs
Rav4 – 360+ lakhs
Yaris cross – 207+ lakhs
corolla cross – 333+ lakhs
Rush – 181+ lakhs
Fortuner – 578+ lakhs
coaster – 199+ lakhs
Hiace – 176+ lakhs
Hiace – 181+ lakhs
Alphard – 673+ lakhs
Hilux – 186+ lakhs