පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ලෙස අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝරාජ් මහත්මිය තේරීපත්වී තිබෙනවා.
ඒ, එම සංසදය ඊයේ (03) අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසුරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
එම ධුරය සඳහා සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ නම සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් යෝජනා කළ අතර අනුෂ්කා තිලකරත්න මහත්මිය විසින් එම යෝජනාව ස්ථිර කළ බව සඳහන්.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් දෙදෙනෙක්ද තේරී පත් වුණා.
ඒ අනුව චමින්ද්‍රානි බණ්ඩාර කිරිඇල්ල මහත්මිය නියෝජ්‍ය සම සභාපති ලෙසට රෝහිණි විජේරත්න මහත්මියගේ යෝජනාවෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තුෂාරි ජයසිංහ මහත්මියගේ ස්ථිරත්වයෙන් තේරී පත් වූ බවයි, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සමන්මලී ගුණසිංහ මහත්මිය ද පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මහත්මියගේ යෝජනාවෙන් සහ දීප්ති වාසලගේ මහත්මියගේ ස්ථිරත්වයෙන් නියෝජ්‍ය සම සභාපති ලෙස තේරී පත් වුණා.
