අනුර ජනාධිපති කියන පොළවේ යථාර්ථය රනිල් වික්‍රමසිංහ මහතාගේ අයි.එම්.එෆ් ගිවිසුමට අත එසවීම දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විමසා සිටියා.
එම ගිවිසුමේ මහජනතාවට අහිතකර දේ ඉවත් කර ගැනීමට ආණ්ඩුවට සහයෝගය ලබා දීමට සූදානම් බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියා.
