Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිට්කොයිනය ඉතිහාසයේ පළමුවරට ඩොලර් ලක්ෂයේ සීමාව පසුකරයි

2 years ago

ඉතිහාසයේ ප්‍රථම වරට බිට්කොයින් ඩොලර් 100,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

වෙළඳපොළ විශේලේෂකයන් සඳහන් කරන්නේ එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීම හේතුවෙන් බිට්කොයින්වල වටිනාකම සීඝ්‍රයෙන් ඉහළ ගිය බවයි.

ට්‍රම්ප්ගේ දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයෙන් සති හතරක් තුළ 45% කින් පමණ බිට්කොයිනයේ වටිනාකම ඉහළ යාම කැපී පෙනෙන සිදුවීමකි.

ඔහුගේ පරිපාලනය ගුප්තකේතන මුදල් සඳහා මිත්‍රශීලී නියාමන පරිසරයක් නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

මේ අතර ක්‍රිප්ටෝ හිතවාදී අදහස් දරන නීති සම්පාදකයින් කිහිප දෙනෙකු කොන්ග්‍රසයට තේරී පත් වුණා.