සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 358 ක් ලබා ගත්තා.
දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් රයන් රෙකිල්ටන් සිය ලංගල ශතකය වාර්තා කරමින්, ලකුණු 101ක් රැස් කළ අතර ටෙම්බා බවුමා ලකුණු 78ක් හා කයිල් වෙරියෙන් (Kyle Verreynne) ලකුණු 105ක් රැස් කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 100 වැනි කඩුල්ල ද සමගින් ලහිරු කුමාර කඩුලු 04ක් බිඳ හෙළුවා.
මීට අමතරව අසිත ප්‍රනාන්දු කඩුලු 03ක්, විශ්ව ප්‍රනාන්දු කඩුලු 02ක් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 01ක් බැගින් ලබා ගත්තා.
