Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා යොවුන් පිල පැරදූ ඉන්දියානුවන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

2 years ago

වයස අවුරුදු 19 පහළ ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව අද (06) සහභාගී වූ අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජය වුණා.

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දීය අවුරුදු 19 පහළ කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ කඩුලු 07කින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 46යි පන්දු 02ක් තුළ සියල්ලන් දැවී ලකුණු 173ක් රැස් කළා.

ලකුණු 174ක පහසු ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 21යි පන්දු 04ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් තරගය ජයගත්තා.

ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන ගිය 13 හැවිරිදි වෛභව් සූර්යවංශි පන්දු 36ක් තුළ ලකුණු 67ක් රැස් කළා.

වෛභව් පිළිබඳව ලෝකය පුරා දැඩි කතාබහක් නිර්මාණය වූයේ අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී අලෙවි වූ ලාබාලතම ක්‍රීඩකයා ලෙසට ඔහු පත්වීමත් සමඟයි.

අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගය දෙසැම්බර් 8 වනදා පැවැත්වීමට නියමිතයි.