ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි.
තුන්වැනි දිනය සඳහා අද තරගය ආරම්භ කරනවිට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 242ක් රැස් කරගෙන සිටියේය.
ශ්‍රී ලංකා පළමු ඉනිමට තවත් ලකුණු 26ක් එක්දේදී ලකුණු 44ක් ලබාගෙන සිටි ඇන්ජලෝ මැතිව්ස් දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
සිය 5වැනි ටෙස්ට් අර්ධ ශතකය පෙනෙන මානයේ සිටි කමිඳු මෙන්ඩිස් ලකුණු 48කට දැවී ගියේය.
නායක ධනංජය ද සිල්වා 14කට දැවී යද්දී කුසල් මෙන්ඩිස්ට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 16ක් පමණි.
දකුණු අප්‍රිකා වේගපන්දු යවන්නන්ගේ පන්දු හමුවේ ශ්‍රි ලංකා මැද පෙළ පිතිකරුවන් අසරණ වීම නිසා ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 328කට සීමා විය.
පන්දු යැවීමේදී ඩේන් පැටර්සන් ලකුණු 71කට කඩුලු 5ක් දවා ගත්තේය.
