Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දසුන් ශානකගෙන් නායකත්වයේ ඉනිමක්! වේගවත් අර්ධ ශතකයක්!

2 years ago

ලංකා T10 සුපර් ලීගයේ සමාරම්භක තරගය අද (11) පස්වරු 04ට ආරම්භ වුණා.

ඒ ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම් අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරාගත්තා.

ඒ අනුව නියමිත පන්දුවාර 10 තුළ දී බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව කඩුලු 08ක් දැවී ලකුණු 106ක් වන අතර එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 17ක දී ලකුණු 51ක් ලබා ගත්තා.

ඔහුගේ ඉනිමට හයේ පහර 05ක් සහ හතරේ පහර 04ක් අන්තර්ගත විය.

අගනා පන්දු යැවීමක නිරත වූ ට්‍රවීන් මැතිව් සිය පන්දුවාර දෙක තුළ ලකුණු 10ක් පමණක් ලබා දෙමින් කඩුලු 04ක් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 8යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී පහසුවෙන් ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් විය.

ජැෆ්නා කණ්ඩායමට ජයග්‍රහණයේ අඩිතාලම දැමූ Tom Kohler-Cadmore පන්දු 21කින් නොදැවී ලකුණු 57ක් රැස් කළේය.