කුකුල් මස් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව පාරිභෝගික ජනතාව පවසනවා.
ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ උත්සවය සමය ආරම්භ වීමත් සමඟ ඇතැම් පිරිස් අධික ලාභ ලැබීමේ අරමුණින් මිල ඉහළ දමා ඇති බවයි.
මේ වනවිට දිවයිනේ ඇතැම් ප්‍රදේශවල කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1200 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ගෙවුණු සති දෙකක කාලය තුළ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් පමණ ඉහළ දමා ඇති බව සඳහන්.
අසේල සම්පත් මහතා රජයෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් රජය මැදිහත් වී සුදුසු පියවරක් ගත යුතු බවයි.
