ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.
ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.
මහින්ද සිරිවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෑත ඉතිහාසයේ වඩාත් සංකීර්ණ සහ අභියෝගාත්මක ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බවය.
ඒ අනුව ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් 98%ක් බැඳුම්කර හුමවාරුව සඳහා කැමැත්ත පළ කර තිබේ.
දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා වන නිල ආරාධනය ශ්‍රී ලංකා රජය විසින් පසුගිය නොවැම්බර් මස 26 දින නිකුත් කළේය.
ඒ වන විට හිඟව ඇති බැඳුම්කරවල වටිනාකම ඩොලර් බිලියන 12.55ක් වූ අතර එම බැඳුම්කර ඒ අනුව ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතව තිබුණි.
දැනට නිකුත් කර තිබූ බැඳුම්කර හිමි පාර්ශ්ව වෙත තම බැඳුම්කර නව බැඳුම්කර සමග හුවමාරු කර ගැනීම සඳහා සති 3ක කාලයක් ලබා දී තිබූ අතර එම කාලය පසුගිය බ්‍රහස්පතින්දා(12) දිනයෙන් අවසන් විය.
