හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයින් 116ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්ෂක රාජකාරීන්වලින් ඉවත් කිරීමට තීරණය කිරීමත් සමග ඊයේ (13) එම නිලධාරීන් රාජකාරීන්වලින් ඉවත් වීම සිදුවුණා.
එහිදී එම නිලධාරීන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් ආශිර්වාද මැද සමුගත් අතර, ඔවුන්ට ස්වකීය කෘතඥතාවය පළකරමින් ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
එමඟින් ඔහු පවසන්නේ, ඔහුගේ සහ පවුලේ සැමගේ ජීවිත ආරක්ෂා කරදීම උදෙසා ඉමහත් කැපකිරීම් කළ සියල්ලන්ටම තමා හෘදයාංගම ස්තූතිය සහ ප්‍රණාමය පළකරන බවයි.
එම සටහන පහතින්.

