පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
35 හැවිරිදි ඉමාඩ් වසීම් පසුගිය වසරේදී ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.
නමුත් පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේද දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුට යළි ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට කැඳවීම් ලැබුණි.
ඒ අනුව ඔහු විස්සයි විස්ස ලෝක කුසලානයට ද ක්‍රීඩා කළේය.
ඉමාඩ් වසීම් එක්දින තරග 55ක් සහ විස්සයි විස්ස තරග 75ක් පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.
ඔහු පාකිස්තාන වෙනුවෙන් එක්දින කඩුලු 44ක් 20යි විස්ස කඩුලු 73ක් දවාගෙන ඇත.
ඊයේ දිනයේදී ඉමාඩ් වසීම් සඳහන් කළේ දෙවන වරටත් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තද තවදුරටත් දේශිය තරග සහ ලීග් තරග ක්‍රීඩා කරන බවත් සඳහන් වේ.
