Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශකිබ් අල් හසන්ට පන්දු යැවීම තහනම් කරයි

2 years ago

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකිබ් අල්-හසන් ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඇති ජාතික ක්‍රිකට් සංගම් මගින් සංවිධානය කරනු ලබන දේශීය හෝ විදේශීය තරගාවලි වලදී පන්දු යැවීම අත්හිටුවා තිබේ.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පැවසීය.

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් එරට පැවැත්වෙන ක්‍රිකට් තරග වලදී ශකිබ් ට පන්දු යැවීම පසුගියදා තහනම් කළේය.

ඒ පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගයකදී ඔහු පන්දුව දමා ගැසූ බවට චෝදනා කරමිනි.

ඒ අනුව ශකිබ් සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත පරීක්ෂණයකට ලක්කළ යුතුව තිබේ.

ඔහු ගෝල් මාවල්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙම දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා T10 තරගාවලිය සඳහා එක්වී සිටින නමුත් පැවති තරග ද්විත්වයේදීම පන්දු යැවීමේ නිරත නොවුණි.