Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ ඉන්දීය පිතිකරුවන් අසරණ වෙයි

2 years ago

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

තෙවැනි දිනයට තරගය නතර කරන විට සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දෙන ඉන්දිය කණ්ඩායම කඩුලු 04ක් දැවි රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 51ක්.

ඒ අනුව ඔවුන් ඔස්ට්‍රේලියානු පළම ඉනිමට වඩා ලකුණු 394ක් පිටුපසින් සිටින්නේ කඩුලු 06ක් අතැතිවයි.

ඉන්දියාව වෙනුවෙන් කේ.එල් රාහුල් ලකුණු 33ක් ලබා නොදැවි පන්දුවට පහර දෙමින් සිටිනවා.

පන්දුයැවීමේදී මිචල් ස්ටාර්ක් කඩුලු දෙකක් දවාගැනීමට සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 445ක්.

එහිදී ට්‍රවිෂ් හේඩ් ලකුණු 152ක් සහ ස්ටීව් ස්මිත් ලකුණු 101ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 06ක් දවාගැනීමටයි සමත් වුණේ.