පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙන බව ජනාධිපති අනුර දිසානායක පවසනවා.
ජනපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමෛන්.
එහිදී ජනපතිවරයා සඳහන්කර සිටියේ මෙවැණි අදහසක්.
“මේ නිසා අප නැවත ඩොලර් අර්බුදයකට මුහුණ දේවි යැයි සැකයක් තියාගන්න එපා. අප මහ බැංකුව සමග දීර්ඝ සාකච්ඡාවක් කොට පිටමං වන ඩොලර් ගැන අවබෝධයෙන් අප මේ කාරණය කරනවා. ඒ නිසා දැඩි ස්ථාවරතාවයකින් යුතුව වාහන වෙළඳපොළට විවෘත කරන්නට අප කටයුතු කළා”
