නීති විරෝධී මත්පැන් විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති බව සුරාබදු කොමසාරිස්වරයා පවසනවා.
මෙම නීති විරෝධී මත්පැන් නිසා සුරාබදු ආදායමෙන් 30%ක් පමණ අහිමිව ඇති බවයි කොමසාරිස්වරයා සඳහන් කළේ.
මෙම මත්පැන් නැති කිරීම වැටලීම්වලින් පමණක් සිදු කළ නොහැකි බව සඳහන් කළා.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒ සඳහා යොමු වී සිටින මහජනතාවට විකල්ප යෝජනාවලියක් ගෙන ආ යුතු බවයි.
ඒ අනුව මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර විකල්පයක් ලෙස අඩු මුදලකට මිලදී ගත හැකි මත්පැන් බෝතලයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ.
එමෙන්ම ඔහු සඳහන් කළේ එය ප්‍රමිතියෙන් යුතුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කිරීමෙන් පසුව එහි අනුමැතිය ඔස්සේ වෙළදපොළොට නිකුත් කරන බවයි.
මෙය සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කර ගැනීම හෝ මත්පැන් ප්‍රවර්ධනය කිරීමක් නොවන බව හෙතෙම සඳහන් කළා.
මෙය නීති විරෝධී මත්පැන්වලින් සමාජයේ ජීවත්වෙන අය ගලවා ගැනීමට සිදු කරන වැඩපිලිවෙලක් බවද කොමසාරිස්වරයා පැවසුවා.
