ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිතව තිබෙන නවසීලන්ත තරග සංචාරයේ විස්සයි20 තරගාවලිය සඳහා තෝරාගත් සංචිතය ක්‍රිකට් තේරීම් කමිටුව අද (18) පස්වරුවේ ප්‍රකාශයට පත් කළේය.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 බැගින් වූ විස්සයි20 හා එක්දින තරගාවලිකට ක්‍රීඩාකරන අතර, ඉන් පළමුව විස්සයි20 තරගාවලිය පැවැත්වේ.

