Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දීය කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

2 years ago

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

අද (18) බ්‍රිස්බේන් හි දී බෝඩර් ගවස්කාර් ටෙස්ට් කුසලානයේ තෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව අශ්වින් මේ බව ප්‍රකාශ කළා.

අශ්වින් මෙම ටෙස්ට් තරගාවලියේ දී ද ක්‍රීඩා කළේ දෙවන ටෙස්ට් තරගයට පමණයි.

එහිදී ඔහු ලකුණු 53කට එක් කඩුල්ලක් දවා ගත්තා.

ඔහු හෙට (19) දිනයේ දී ම තම මව්බිම බලා පිටත්ව යාමට නියමිත බවයි ක්‍රීඩා ආරංචි මාර්ග තහවුරු කරන්නේ.

අද අවසන් වූ ටෙස්ට් තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක් වූ අශ්වින් “ජාත්‍යන්තර මට්ටමේ සියලුම ආකෘතින් හි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මෙය මගේ අවසාන දිනය වනු ඇත. මම ගොඩක් විනෝද වුණා. මම රෝහිත් ෂර්මා සහ මගේ අනෙකුත් කණ්ඩායමේ සගයන් කිහිප දෙනෙකු සමඟ එක්ව බොහෝ මතකයන් නිර්මාණය කර ඇති බව පැවසිය යුතුයි. පැහැදිලිවම ස්තුති කරන්න ගොඩක් අය ඉන්නවා, නමුත් මම BCCI සහ සෙසු කණ්ඩායමේ සගයන්ට ස්තුති නොකළේ නම් මම මගේ රාජකාරිය පැහැර හරිනවා. ඔවුන්ගෙන් කිහිප දෙනෙක්. මට ඔවුන්ගෙන් කිහිප දෙනෙකු නම් කිරීමට අවශ්‍යයි. සියලුම පුහුණුකරුවන් වඩාත්ම වැදගත් දෙය නම්, මා යොමු කළ පන්දු පිතිකරුවන් එල්ල කරන ලද ප්‍රහාරවලින් විශිෂ්ට අයුරින් රැකගත් ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් අතර රෝහිත්, විරාත් කෝලි, අජිරීා රහානේ, චේතස්වර් පුජාරා සිටිනවා. ඉතිං වසර ගණනාවක් පුරා මම ලබා ගැනීමට සමත් වූ කඩුලු සංඛ්‍යාව ලබාගත්තේ මං ඔවුන්ට පිං සිදුවෙන්න..” යනුවෙන් පැවසීය.

සිය වසර 14 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේදී ටෙස්ට් තරග 106 ක් ක්‍රීඩා කළ ඔහු දවා ගත් කඩුලු ගණන 537 ක්. ඉන්දියාව වෙනුවෙන් පන්දු යවන්නෙකු දවා ගත් දෙවැනි ඉහළම කඩුලු සංඛ්‍යාව මෙන්ම ලෝක ටෙස්ට් ඉතිහාසයේ පන්දු යවන්නෙකු දවා ගත් 7 වැනි ඉහළම කඩුලු සංඛ්‍යාව වන්නේ එයයි.

සමස්තයක් ලෙස ජාත්‍යන්තර තරග 287 ක් ක්‍රීඩා කර ඇති 38 හැවිරිදි අශ්වින් එහිදී බිද හෙලූ කඩුලු ගණන 765 ක්.