ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු සංචාරක කාණ්ඩයේ වාහන සඳහා ටොයොටා ලංකා වාහන පළමු තොගය මෙරටට ආනයනය කර තිබෙනවා.
ඒ අනුව සංචාරක කර්මාන්තය සඳහා යොදාගැනෙන බස් සහ වෑන් රථ රථවාහන මෙලෙස ආනයනය කර ඇත.
ආර්ථික අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙරට විදේශ විනිමය සංචිත පහළ යාමත් සමග වාහන ආනයනයට සීමා පැනවීමට ඉකුත් රජය පියවර ගත්තා.
කෙසේ නමුත් ක්රමිකව ආර්ථිකය ප්රකෘතිමත් වෙමින් පැවතීමත්, විදේශ විනිමය සංචිත යළි ඉහළ යාමත් හමුවේ ආනයන සීමා ලිහිල් කරමින් අදියර කිහිපයක් යටතේ නැවත වාහන ආනයනයට රජය තීරණය කළේ.
එම තීරණයෙන් පසු ටොයෝටා ලංකා සමාගම සිය පළමු වාහන තොගය මෙලෙස දිවයිනට ගෙන්වා තිබෙනවා.
