ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම පවසයි.
මේ හේතුවෙන් අදාළ සමාගම විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC- මට්ටමේ සිට CCC+ මට්ටම දක්වා අදාළ උසස් වීම ලබා දී ඇති බව සඳහන්ය.
ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාර්ථකත්වය වැඩි දියුණුකළ සාර්ව ආරිථික දර්ශක සහ දේශීය මුදල් පැහැරහැරීමේ අවධානම අඩුකිරීම මෙමගින් පිළිඹිබු කරන බව ෆිච් රේටින් සමාගම පවසයි.
මේ අතර, විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අනුව භාණ්ඩාගාර බැදුම්කර 08ක් මගින් දේශීය බැදුම්කර විකල්පය යටතේ ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර හුවමාරු කිරීම ඊයේ සිදුවුණා.
ශ්‍රී ලංකා රුපියල් වලින් නාමකරණය කරන ලද මෙම නව භාණ්ඩාගාර බැදුම්කර 08න් 07ක් 2024 සැප්තැම්බර්ඩ 15 නිකුතු දිනය ලෙසින් සදහන් කර ඇති අතර, 2036 සිට 2043 දක්වා කල් පිරෙන පරිදි ඒවා වර්ගීකරණය කර තිබෙනවා.
සියලු බැදුම්කර රුපියල් මිලියන 19,466 ක වෙන් කළ මුදලකින් සමන්විතයි.
