නවසීලන්ත තණතීරුවල ක්‍රීඩා කිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසුවා.
නවසීලන්ත තරග සංචාරය සඳහා දිවයිනෙන් පිටවත් යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියා.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ නායක චරිත් අසලංක,
“ක්‍රීඩකයන් හොඳ මානසිකත්වයෙන් ඉන්නවා. T-10 තරගාවලිය ක්‍රීඩා කරලා හොඳින් ලකුණු අතරත්, කඩුලු අතරත් හිටියා. ඒක හොඳ සූදානමක් කණ්ඩායමට. අභියෝගාත්මක තරගාවලියක්. නවසීලන්තය ඔවුන්ගේ රටේදී ගොඩක් ශක්තිමත්. කණ්ඩායමේ ගොඩක් ලොකු වෙනස්කම් කරන්නේ නෑ. නමුත් අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගේ අත්දැකීම්, නවකයන්ට ලබාදීමේ බලාපොරොත්තුවක් තියෙනවා.
නවසීලන්තයේ ක්‍රීඩාකරද්දී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදෙන්න ඕන නිසයි දුනිත් කණ්ඩායමෙන් ඉවත්කළේ. ඒක හරි අමාරු තීරණයක්. මටත් තේරීම් කමිටුවටත්, පුහුණුකරුටත් අමාරු තීරණයක් වුණා. නවසීලන්තයේ වගේ තණතීරුවල ක්‍රීඩා කරද්දී සමහර වෙලාවට මේ තීරණ ගන්න වෙනවා”.
දෙරට අතර විස්සයි20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
විස්සයි 20 තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් 28 වනදා පවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
