Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර මිල

බිත්තර මිල තවත් පහළට

2 years ago

වෙළඳපොළේ බිත්තර මිල ඉදිරියටත් අඩුවීමක් සිදුවිය හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා පවසනවා.

අද (21) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වනවිට වෙළඳපොළේ බිත්තර මිල රුපියල් 28ක් දක්වා පහත වැටී ඇති බවයි.

උත්සව සමයේ දී වෙළඳපොළේ බිත්තර මිල වැඩිවෙතැයි අපේක්ෂාවෙන් තොග රැස්කරගෙන සිටි පුද්ගලයින් එම බිත්තර තොග වෙළඳපොළට නිකුත් කිරිමත් සමඟ ඉදිරියේ දී තව දුරටත් බිත්තර මිල අඩුවිය හැකි බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම උත්සව සමයේ දී බිත්තර සහ කුකුළු මස් හිඟයකින් තොරව පාරිභෝගිකයාට ලබාගත හැකි බව ද ඔහු මෙහිදී පැවසුවා