Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති රනිල් කරන්න යන අලුත් වැඩේ

2 years ago

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය 50ක දේශපාලන ජීවිතය අළලා ස්වකිය චරිතාපදානය රචනා කිරීමට සූදානම් වන බවට ජාතික පුවත් පතක් තොරතුරු වාර්තා කර තිබෙනවා.

ඒ මහතා 1973 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ මහතා බියගම ආසන සංවිධායක ලෙස දේශපාලනයට පිවිසියා.

1977 වසරේදී පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්‍රමසිංහ මහතා 2020 වසර දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සමත් විය.

ඔහු 2022 සිට 2024 දක්වා කාලය තුළ ඔහු මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙසයි කටයුතු කරනු ලැබීය.

1994 වසරේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වූ ඒ මහතා වර්තමානය තෙක් එම පක්ෂයේ නායකයා ලෙසට කටයුතු කරනවා.

මේ වනවිට ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටින ඔහු ජාත්‍යන්තර දේශකයෙක් ලෙස කටයුතු කිරීමත් විශේෂත්වයක්.