හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ISIS සංවිධානය විසින් බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇති බවට වාර්තාවන පසුබිමක, හමුදා නිලධාරීන් ඉවත් කර පොලිස් නිලධාරීන් පමණක් ආරක්ෂාවට යෙදවීමෙන් ඔහුගේ ජීවිතය අවදානමකට ලක්කර ඇති බවට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.
එහි කොළඹ දිස්ත්‍රික් උප සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසුවේ, අදාළ ප්‍රහාරය පිළිබඳව ලැබී ඇති තොරතුරු මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ප්‍රධානියා, ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ සොයා බලන කමිටුවට ලිඛිතව දැනුම් දී ඇති බවයි.
රජය ගත් තීරණයක් අනුව ඊයේ (23) සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉවත් කර, පොලිස් නිලධාරීන් පමණක් අනුයුක්ත කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවත් කර, ඒ සඳහා පොලිස් නිලධාරීන් පමණක් යොදවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පසුගිය 17 වැනිදා පාලරීමේන්තුවේදී පැවසුවා.
ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඊයේ දිනයේ සිට යොදවා සිටින්නේ පොලිස් නිලධාරීන් පමණයි.
