Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නවක ක්‍රීඩකායට චන්ඩිකම් පෑ විරාට් කෝලිට සියයට 20 දඩයක්

2 years ago

ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිට තරග ගාස්තුවෙන් සියයට 20ක දඩ මුදලක් සහ එක් ලකුණක් අහිමි කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.

ඒ, ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සෑම් කොන්ස්ටස් සමඟ සිදු කර ගත් උරහිස් ඝට්ටනය හේතුවෙන්.

තරගයේ 10 වන පන්දුවාරය අවසන්වීමෙන් අනතුරුව කෝලි සහ සෑම් පිටියේ තණතීරුව හරහා ගමන් කරන විට අදාළ සිද්ධිය සිදු වුණා.

ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර යම් වචන හුවමාරුවක් සිදු වූ අතර උස්මන් කවජා සහ විනිසුරුවරුන් මැදිහත්ව එය සමථයකට පත් කළ බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ක්‍රිකට් විචාරකයින් රැසක් සඳහන් කර තිබුණේ එය අහඹු ක්‍රියාවක් නොවන බවයි.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කොන්ටාස් වේගවත් ලකුණු 60ක් රැස් කිරීමට සමත් විය.

19 හැවිරිදි මෙම කොන්ටාස් ග්‍රීක සම්බවයක් සහිත ක්‍රීඩකයෙකි.