Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දීය පන්දු යවන්නන් අසරණ කළ ඔස්ට්‍රේලියානුවන් දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නගයි! ස්ටීව් ස්මිත්ගෙන් වාර්තාවක්!

2 years ago

සංචාරක ඉන්දිය කණ්ඩායම සමඟ පැවැත්වෙන සිව් වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු 474ක් රැස්කරගත්තා.

එහිදී ඔස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ස්ටීව් ස්මිත් ලකුණු 140ක් රැස් කළේය. ඔහු අද දිනයේ වාර්තා කළේ සිය 34වන ටෙස්ට් ශතකයයි.

එම ශතකයත් සමඟ ඔහු ටෙස්ට් වාර්තා පොත් අලුත් කළේ ඉන්දියාවට එරෙහිව වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් දවාගෙන ඇති ක්‍රීඩකයා ලෙසයි.

ස්මිත් ඉන්දියාවට එරෙහිව ටෙස්ට් ඉනිම් 44කදී ශතක 11ක් රැස් කර තිබීම කැපී පෙනෙන විශේෂත්වයකි.

සිය මංගල තරගයට ක්‍රීඩා කළ සෑම් කොන්ස්ටස් ලකුණු 60ක් සහ උස්මන් කවාජා ලකුණු 57ක් ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 04ක් රවින්ද්‍ර ජඩේජා කඩුලු 03ක් දවගත්තා.

තරගය පැවැත්වෙන්නේ, මෙල්බර්න්හිදීයි.