ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙන් වෙන්ව තරග කළ යුතු බවට දෙමළ ප්‍රගතිශීලි සංධානය නියෝජනය කරන පක්ෂ යෝජනා කර තිබෙනවා.
පාලරීමේන්තු මන්ත්‍රිවරුන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ වී. රාධක්‍රිෂ්ණන්ගේ පක්ෂ එම සංධානය නියෝජනය කරනු ලබනවා.
මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ දේශපාලන මණ්ඩල සහ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම්වලදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
එහිදී යෝජනා කර ඇත්තේ, වෙන් වෙන්ව පළාත් පාලන ඡන්දයට තරග කර පසුව සමගි ජන සංධානය සමග එකතු වීමෙන් ලබාගත හැකි මන්ත්‍රි ධූර සංඛ්‍යාව ඉහළ යනු ඇති බවයි.
ඒ පිළිබඳ අවසන් තීරණය නුදුරේදීම ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
