Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මන්ත්‍රී අර්චුනා යළි අමු පිස්සුවක් නටයි

2 years ago

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා අතර ඊයේ (26) පැවති කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුර උණුසුම් සංවාදයක් හටගෙන තිබෙනවා.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් එම රැස්වීම පැවැත්වුණා.

එහිදී මන්ත්‍රිවරයා චෝදනා කළේ හිතවත්කම් මත තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුලු නිළධාරීන් කටයුතු කරන බවටයි.

එහිදී නිසි ලෙස කරුණු සොයාබලා අදහස් දක්වන ලෙස එම පිරිස ප්‍රකාශ කිරීමත් සමග නොසන්සුන් වුණු අර්චුනා මන්ත්‍රීතුමා වරින් වර ඔවුන්ට විවිධ චෝදනා එල්ල කරමින් රැස්වීමේ කටයුතුවලට බාධා එල්ල කළා.

එහිදී ඔවුන් ඉල්ලා සිටියේ පිස්සෙකු ලෙසින් කටයුතු නොකර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස නිසි පරිදි කරුණු දක්වන ලෙසයි.