Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිම්බාබ්වේ පිල ටෙස්ට් වාර්තා අලුත් කරයි

2 years ago

සිම්බාබ්වේ පිල ටෙස්ට් වාර්තා අලුත් කරයි

සංචාරක ඇෆ්ගනිස්තායට එරෙහිව බුලවායෝහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිය කණ්ඩායම රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට සිම්බාබ්වේ කණ්ඩායමට අද (27) සමත් විය.

තරගයේ දෙවන දිනය වූ අද සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 586ක් රැස්කිරීමට සමත් විය.

එය ඔවුන් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩාකළ ඉහළම ඉනිම වේ.

මීට පෙර ඔවුන් ක්‍රීඩාකර තිබූ ඉහළම ඉනිම වූයේ 2001 වසරේදී බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහිව රැස්කර තිබූ ලකුණු 563යි.

සිම්බාබ්වේ ඉනිම ශතක 3කින් වර්ණවත් විය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළ ෂෝන් විලියම්ස් ලකුණු 154ක් රැස්කළේය.

නායක ක්‍රෙග් අර්වින් ලකුණු 104ක් හා බ්‍රයන් බෙනට් නොදැවී ලකුණු 110ක් රැස්කිරීමට සමත් විය.