සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (28) පැවැත්වෙනවා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (28) පැවැත්වේ.
රාත්‍රී තරගයක් ලෙසින් Mount Maunganui හිදී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.45ට ආරම්භවීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ වනවිට විස්සයි විස්ස තරග 25ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් 14කම ජය ලබාගෙන ඇත්තේ නවසීලන්ත කණ්ඩායමයි.
ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇත්තේ තරග 10ක් පමණක් වන අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.
මේ අතර අද තරගයට අදාළ සියලු ප්‍රවේශපත් අලෙවී අවසන් බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.
