Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අල්ලසට ලොල් වූ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ රිමාන්ඩ්

2 years ago

රුපියල් මිලියන 09ක අල්ලස් මුදලක් ලබාගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ සහ ව්‍යාපාරිකයා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ටොරිංටන් ඇවෙනිව් පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගැනීමෙන් අනතුරුව වන්දි මුදල් කඩිනමින් ලබාගැනීමට බව පවසා අල්ලස් මුදල ඉල්ලා ඇති බව වාර්තා වනවා.

අල්ලස් මුදලක් ලබා ගැනීමේදී බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ හා ඊට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේ ඊයේ 27 දිනයේදීය.

කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පිටකෝට්ටේ ප්‍රදේශයේදී වෙළෙඳසැලක් ඉදිරිපිටදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.