Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා ජයග්‍රහණය පෙනී පෙනී සිංහ පුතුන් පරදී

2 years ago

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු විස්සයි විස්ස තරගය අද (28) මවුන්ට් මවුන්ගනුයි හි බේ ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 172ක් රැස් කළා.

එහිදී ඩැරල් මිචෙල් ලකුණු 62ක් රැස්කළ අතර, මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 59ක් නවසීලන්ත ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.

තරගයේ පළමු පන්දුවාර 10 තුළ නවසීලන්ත පිතිකරුවන් පාලනය කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුනත් අවසන් පන්දුවාර 10 තුළ ඩැරල් මිචෙල් සහ මයිකල් බ්‍රේස්වෙල් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ශතක සබඳතාවයක් ගොඩනැගීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 33කට කඩුලු 02ක් බිඳ දැමූ අතර, බිනුර ප්‍රනාන්දු ද ලකුණු 22 කට කඩුලු 02ක් බිඳ දැමුවා.

ලකුණු 173ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවි රැස්කර ගත හැකි වූයේ  ලකුණු 163ක් පමණි.

එහිදී අගනා පිතිහරඹයක නිතර වූ පැතුම් නිස්සංක පන්දු 60කට මුහුණ දෙමින් ලකුණු 90ක් රැස්කළේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 47ක් රැස්කළේය.

නායක චරිත් අසලංක ලකුණු 03ක්ද, භානුක රාජපක්ෂ ලකුණු 08ක්ද, වනිඳු හසරංග ලකුණු 05ක්ද, රැස් කරා.

කුසල් පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් මෙම තරගයේදී කිසිඳු ලකුණක් නොලබා දැවී ගියා.

තරග තුනකකින් සමන්විත 20යි 20 තරගාවලිය තරග 1 – 0ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.