රුපියල් මිලියන 80,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අද (30) සිදු කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ එහිදී ඒ ශ්‍රේණිය යටතේ පළමු අදියර ලෙස රුපියල් මිලියන 45,000 ක භාණ්ඩාගාර බැඳුම්කර සහ දෙවන අදියර ලෙස රුපියල් මිලියන 35,000 ක භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමට නියමිත බවයි.
මෙම භාණ්ඩාගාර වෙන්දේසියේ අවම ලංසුව වන්නේ රුපියල් මිලියන 05ක්.
