නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 187ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.
ඒ අනුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 186ක්.
එහිදී මාර්ක් චැප්මන් ලකුණු 42ක් සහ ටිම් රොබිසන් ලකුණු 41ක් ලබාගත්තා.
පන්දුයැවීමේදී වනිඳු හසරංග කඩලු දෙකක් දවා ගැනීමටයි සමත් වුණේ.
ලකුණු 187ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවි රැස්කර ගත හැකි වූයේ ලකුණු 141ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් පෙරේරා ලකුණු 48ක් රැස්කළ අතර පැතුම් නිස්සංක ලකුණු 37ක් රැස්කළේය.
ඒ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරග තුනකකින් සමන්විත 20යි 20 තරගාවලිය ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
