Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වසර 14කට පසු කුසල් ජනිත් විස්සයි20 ඉතිහාසය අලුතින් ලියයි! ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්!

2 years ago

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත අතර අද (02) පැවති තෙවන 20යි 20 තරගයේ දී කුසල් ජනිත් පෙරේරා සිය මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට සමත්වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ශතකයක් රැස්කළ තුන්වන පිතිකරුවා ලෙස ඔහු වාර්තා අතරට එක්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට විස්සයි විස්ස ශතකයක් රැස්කර තිබුණේ 2011 වසරේදී තිලකරත්න ඩිල්ෂාන් විසිනි.

ඒ  අනුව කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් අද (02) ශතකයක් රැස්කළේ වසර 14කට පසුවය.

එහිදි පරිණත ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 44කදී සිය මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට සමත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරුවෙක් රැස්කළ වේගවත්ම විස්සයි විස්ස ශතකය ලෙස ද එය වාර්තා අතරට එක්විය.

කුසල් ජනිත්ට අගනා සහායක් ලබාදුන් නායක චරිත් අසලංක ලකුණු 46ක් රැස්කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 218කි.

ලකුණු 219ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත ක්‍රීඩකයින් තරගය ජය ගැනීම සඳහා තියුණු සටනක නිරත විය.

ආරම්භක කඩුල්ල සඳහා රොබින්සන් සහ රචින් රවින්ද්‍රා ලකුණු 81ක සබඳතාවක් ගොඩනැගුවා.

චරිත් අසලංක විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් නවසීලන්තයේ ප්‍රබල පිතිකරුවන් තිදෙනකු දවා ගැනීමට සමත් වුණා.

ඒ වනවිටත් ලකුණු 69ක් ලබා සිටි රචින් දවා ගැනීමට ද අසලංකගේ පන්දු යැවීමට හැකි වුණා.

රොබින්සන් ලකුණු 37ක් සහ ඩැරිල් මිචෙල් ලකුණු 35ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී වනිඳු හසරංග කඩුලු 02ක්, බිනුර ප්‍රනාන්දු සහ නුවන් තුෂාර එක් ව එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව තරග 03කින් සමන්විත T20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගය ජය ගනිද්දී සත්කාරක කිවියන්ට තරගාවලියේ ජය හිමිවුණා.

තරගයේ වීරයා සම්මානය කුසල් පෙරේරා ලබාගත් අතර තරගාවලියේ වීරයා සම්මානය හිමි වූයේ නවසීලන්තයේ වේග පන්දු ක්‍රීඩක ජැකොබ් ඩෆී හට යි.

මේ අතර දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් ද ආරම්භ වීමට නියමිත අතර එය ජනවාරි මස 05 වැනි දින වෙලින්ග්ටන් හි දී ආරම්භ වනවා.