හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරය දරණ සමයේ සිදු වු අක්රමිකතාවන් හා වත්කම් උපයා ගැනීම් සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා ප්‍රසිද්ධියේ පළ කළ අදහස් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව එම දෙපාර්තමේන්තුවෙන් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ, අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
ඒ එම දෙපාර්තමේන්තුව ඔහුට පසුගියදා කළ දැනුම්දීමට අනුවයි.
කතරගම ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක හිමිකාරත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද දිනයේ පෙනී සිටින ලෙසටයි යෝෂිත රාජපක්ෂට එමගින් දැනුම් දී තිබුණේ.
