Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකාව අතහැර යයි

2 years ago

 ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩිකාවක හා පුහුණු උපදේශිකාවක ලෙස කටයුතු කළ සහ 2000 සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලියේ රිදී පදක්කම් ලාභිනී සුසන්තිකා ජයසිංහ, තම දරුවන් දෙදෙනා සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචියට ගොස් ඇති බව වාර්තා වේ.

ඇය නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීම අස්ථිර බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඇය මීට මාස දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බව සඳහන්.

ඇය තම මිතුරන් සමඟ සඳහන් කර ඇත්තේ නැවත රටට පැමිණීම පිළිබඳව අවිනිශ්චිත බවයි.

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ අරමුණ වන්නේ තම දරුවන්ගේ අධ්‍යාපනය සහ අනාගතය ප්‍රමුඛ කොට සැලකීම ලෙස ඇය දන්වා අත.

සුසන්තිකාගේ සමකාලීන ක්‍රීඩිකා, ආසියානු පදක්කම්ලාභිනී සහ ඔලිම්පික් ක්‍රීඩිකා දමයන්ති දර්ශා ද වසර කිහිපයකට පෙර තම පවුල සමඟ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූවාය.