Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති රනිල් නව වසරේ වැඩ අරඹයි

2 years ago

එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසරේ වැඩ කටයුතු අද (03) ආරම්භ කරනු ලැබීය. 

ඒ පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී සහ කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදීය.  

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියේය.

හිටපු ජනාධිපතිවරයා සිය ඉන්දීය සංචාරය අවසන් කරමින් ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණි අතර ඒ අනුව ඔහු සිය නව වසරේ කටයුතු මෙලෙස ආරම්භ කරනු ලැබීය.