Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ඇමති මනූෂ රටින් පැනලා ?

2 years ago

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සිය දරු පවුලත් සමග රටින් පළාගොස් ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාල තුළ පසුගිය දින කිහිපයෙහි පුවත් සංසරණය වී තිබිණි.

ඒ පුවත් සියල්ල සම්පූර්ණයෙන්ම අසත්‍යය බව හිටපු අමාත්‍යාවරයාට සමීප ආරංචිමාර්ග පවසයි.

මනූෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයා සාමාන්‍ය පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස්ගතව සිට ඇති අතර ඔහු සිය පවුලේ සාමාජිකයින්ද සමග ස්විට්සර්ලන්තය, ප්‍රංශය ඇතුළු යුරෝපයේ රටවල් කිහිපයකම සංචාරය කර ඇති බවත් පෙර සැලසුම් කරගත් පරිදිම ඔහු ලබන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

එසේම තමන්ට එල්ල වන චෝදනා සියල්ලම මනූෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරන බවයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.