ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ නියෝජනය කරන තරුණයින් පිරිසක් මල්වතු පාර්ශ්වයේ මහා නායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන්, රාමඤ්ඤ නිකායේ අනුනායක ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී හිමියන් බැහැ දැක තිබෙනවා.
එහිදී ඔවුන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා නිලධාරීන් ඉවත් කිරීම හේතුවෙන් අනාරක්ෂිත තත්ත්වයක් ඇති වී තිබෙන බව මහානායක හිමිවරුන්ව දැනුවත් කර තිබෙනවා.
ඒ හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ඔවුන් මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
